Saturday, May 4, 2024

General line - 0115112241

SLT Speed Up සිව්වැනි දිනය ත්‍රිකුණාමලයෙන් නිමවෙයි 




SLT Speed Up  පාපැදි සවාරියේ හතරවන දිනය කුරුණෑගලින් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් අද (27) නිමා වුනා. පාපැදි සවාරිය වාරියපොළ, තඹුත්තේගම, අනුරාධපුරය, මැදවච්චිය, වව්නියාව, කැබිතිගොල්ලෑව,මොරවැව හරහා කිලෝමීටර 241 ක දුරක් ආවරණය කරමින් ත්‍රිකුණාමලයට ලඟාවිය.

කාන්තා තරඟය කොළඹ කොටුව ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට දී, SLT සමුහයේ සභාපති P.G. කුමාරසිංහ සිරිසේන මහතා අතින් සමාරම්භය සනිටුහන්වුණි. එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි කිත්ති පෙරේරා මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත ෆනැන්ඩස් මහතා, ප්‍රධාන අලෙවිකරණ නිලධාරි ප්‍රභාත් දහනායක මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මානවසම්පත් නිලධාරිනි ඉන්ද්‍රානි හිස්සැල්ල මහත්මිය ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් එක්විය.

කාන්තා තරගයේ පළමු දිනය වන සැප් 27 දින කිලෝමිටර 90 ක දුරක් ගෙවා කුරුණෑගලින් අවසන් විය.

පාපැදි සවාරියේ ජයග්‍රාහි අවසන් දිනය , පිරිමි තරඟය හෙට උදෑසන ත්‍රිකුණාමලයෙන් ආරම්භවී දඹුල්ලෙන් නිමාව සනිටුහන් කරන අතර කාන්තා තරඟය ද කුරුණෑගලින් ආරම්භ වී ගලේවෙල හරහා දඹුල්ලට ළඟා වනු ඇත.  

එමෙන් ම ප්‍රථම වරටපවත්වනු ලබන තරඟකාරී කනිෂ්ඨ පාපැදි තරඟයද හෙට දඹුල්ලෙන් ආරම්භ වී හබරණ ,කැකිරාව හරහා ගමන් කර නැවත දඹුල්ලට ලගා විමට නියමිතය.