Monday, November 11, 2024

General line - 0115112241

ලංගම වෙනසකට මුල පුරයි




මාස 3ක් ඇතුළත ලංගම බස් රථවලට ද පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 10ක් දක්වා වැඩි කරන ලෙස තමන් යෝජනා කළ බවයි. මාරු කාසි හිඟයට පිළියමක් ලෙස එම යෝජනාව සිදුකළ බවද ඔහු සඳහන් කළා.

අද සිට කි‍්‍රයාත්මක බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 8ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා.

මේ නිසා ඉතිරි මුදල් ලබාදීමේදී කොන්දොස්තරවරුන් සහ මගීන් අතර ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතිනවා.

කෙසේ වෙතත් සියලු පෞද්ගලික බස් රථවලට ද ඉතා කඩිනමින් පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.