කොල්ලුපිටිය ප්‍රදේශයේ මුල්‍ය ආයතනයක් මගින් ෆිනෑන්ස් මුදල් නොගෙවීම නිසා අත්පත් කර ගත් වාහන දෙකක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයකුගෙන් එම ආයතනයේ සේවය කරන බවට පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබා ගෙන සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් 2019.09.17 දින කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම මූල්‍ය ආයතනයේ CCTV කැමරාවල පටිගතව ඇති දර්ශන අනුව සැකකරු බවට අදාළ පුද්ගලයාව හඳුනාගෙන තිබෙනවා.
එම සැකකරු සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් 011 2673581/011 2675651 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.