මින් ඉදිරියට දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදුකරන්නේ වැඩවර්ජනය අත්හැරියහොත් පමණක් බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. සේවයට වාර්තා කිරීමට කැමැත්තෙන් සිටින සේවකයන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා.
ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී එම් පී පීරිස් පැවසුවේ තර්ජනවලට බිය වී සිය වැඩවර්ජනය අත්නොහරින බවයි.
මේ අතර දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් තැබීමට නියමිත බවද වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවා. ඊට අදාල ලිපි ලේඛන ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.