ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම අද (03) පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සමුළුවේදී අනුමත කර ගැණුනා. එම යෝජනාව සමුළුවට ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.
සමුළුව ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්.
රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මනෝ ගණේෂන්, රිෂාඞ් බදියුර්දීන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.