දැනුම මත පදනම් වූ ආර්ථිකයක් බිහි කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ සම්මේලනයට එක්වෙමන් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙම සමුළුව ඇමතුවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා විකල්ප නමක් යෝජනා කර නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසුවා. ඒ, මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශනයකට පිළිතුරු දෙමින්.