ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (03) පස්වරු 1:30 ට දෙවන දිනට අභියාචනාධිකරණයේ දී ආරම්භ වුණා.
එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක ද සිල්වා කරුණු දැක්වීම ආරම්භ කරන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරෙනවා.