Thursday, February 13, 2025

General line - 0115112241

හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපාගේ සහය ගෝඨාභයට

වසන්ත චන්ද්‍රපාල




එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු සහ හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට අද (05) එක්වුණා. ඒ, සයින්දමරදු ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

එහිදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් එම පක්ෂය මුස්ලිම් කොංග්‍රසයට පාවා දී ඇති බවයි. වත්මන් රජය ගෙන යන අවිධිමත් වැඩපිළිවෙල හේතුවෙන් අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ සහය ද මෙවර ගෝඨාභය රාජපක්ෂට හිමිවන බවයි හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා සඳහන් කළේ.