ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සඳහා භාෂා පුහුණුකරුවන් බඳවා ගැනීමේ අද (05) පැවති වැඩසටහනකදී උණුසුම් තත්වයක් ඇති වුණා. විෂයභාර අමාත්‍ය මනෝ ගනේෂන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවති අතර එම ස්ථානයට පැමිණි මහරගම නගරසභාවේ මන්ත්‍රීවරියක් ඊට දැඩි විරෝධයක් එල්ල කළා.
එහිදී අමාත්‍ය මනෝ ගනේෂන් සහ එම මන්ත්‍රීවරිය අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පසුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණියා. එහිදී එම නිලධාරීන් අමාත්‍ය මනෝ ගනේෂන්ට දැනුම් දුන්නේ, ජනාධිපතිවරණය අවසන් වනතෙක් මෙම බඳවා ගැනීම් සිදු නොකරන ලෙසටයි.