Thursday, February 13, 2025

General line - 0115112241

රතන හිමියන්ගේ සහය ගෝඨාභයට

කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (05) ප්‍රකාශ කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති විජයධරණී ජාතික සභාව අමතමින්.

ජාතික සංවිධාන රැසක් එක්ව පිහිටවූ විජයධරණී ජාතික සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂට පිරිනැමුණා. මේ, එම සමුලුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.