Thursday, February 13, 2025

General line - 0115112241

නාමයෝජනා පත‍්‍රයට අද අත්සන තැබීමට ගෝඨාභය සූදානම් වෙයි

මහේෂ් චතුරංග




ඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

නුගේගොඩ පිහිටි එම මහතාගේ නිවසේදී  ඔහු සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීමට නියමිතයි.  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ද එම අවස්ථාවට එක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, කොළඹ ඊයේ (05) පැවති සමුළුවක් අමතමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඪාභය රාජපක්ෂ පැවසුවේ මෙරට පවතින අධ්‍යාපන ක‍්‍රමයේ අඩුපාඩු හේතුවෙන් තරුණ තරුණියන් රැසක් අතරමංව සිටින බවයි.