බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට අද (06) එක්වුණා. ඒ, හෝමාගම පැවති උත්සවයකදීයි.
මෙම උත්සවය සංවිධාන කර තිබුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් හෝමාගම පක්ෂ කාර්යයාලය විවෘත කිරීම සඳහායි. එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.