දුම්රිය වර්ජනය අද (07) 12 වන දිනටත් තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබුණද, වර්ජනය නතර නොකරන බව දුම්රිය වෘත්තීය සමිති ප‍්‍රකාශ කළා.
කෙසේවෙතත්, නෙත් නිවුස් කළ විමසීමකදී වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ සියලූ කාර්යාලයීය දුම්රිය ද්විත්ව දුම්රිය බවට පත්කර ධාවනය කරවීමට කටයුතු කරන බවයි.
අද උදෑසන කාලයේ දුම්රිය 30 ක් පමණ ධාවනය කරවීම සැලසුම වී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ද සියලූ රාජ්‍ය සේවකයින්ගෙන් ඊයේ ඉල්ලා සිටියේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වර්ජන කි‍්‍රයාමාර්ගවල නිරතවීමෙන් වළකින ලෙසයි.
කෙසේවෙතත්, වර්ජනය අත්නොහැරීමේ තීරණයක සිටින බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ.
දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නෙත් නිවුස් අද අලුයම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය 20 ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බවයි. ඒ අනුව මහව, මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල සහ හලාවත සිට දැනටමත් දුම්රියන් පැමිණෙමින් ඇති බවද ප‍්‍රකාශ කළා.