Thursday, February 13, 2025

General line - 0115112241

"ගන්න පුළුවන් හැම ඡන්දයක් වෙනුවෙන්ම සටන් කරනවා"

ටී කේ මහින්ද




මෙවර ජනාධිපතිවරණයට කෙතරම් අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්වුවද, ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අභියෝගයක් නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඒ, මාතර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

එහිදී "පසුගිය අගෝස්තු 23 වැනිදා 1326 කියන නොම්බරේ හරහා මේ රටේ ජනතාවට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා මිස්කෝල් එකක් දීලා අමතන්න හැකියාව ලබා දුන්නා. මුලු ලංකාව පුරාම එවැනි මිස්කෝල් ලක්ෂ 10කටත් වඩා ලබාගෙන. ජනතාවට තමන්ගේ අපේක්ෂකයාට ඝෘජුවම කතා කරන්න ඒ අයගේ අදහස් යෝජනා ලබාදෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

දියුණු රටවල සිදු කරන වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකාවේදී ද සිදු කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. 

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අලුත් තාක්ෂණය සමග සිදු කරන බවත් එම ක්‍රියාවලිය මැතිවරණයෙන් පසුවත් ඉදිරියට සිදු කරන බවත් සඳහන් කළා. සිය පාර්ශ්වය ගන්න පුළුවන් සෑම ඡන්දයක් වෙනුවෙන්ම සටන් කරන බවද සඳහන් කළා. මෙවර මැතිවරණයේදී අභියෝගයක් නොමැති බවත් එහෙත් අභියෝගයක් නැතැයි කියා කිසිවක් නොකර සිටිය නොහැකි බවත් සඳහන් කළා.

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධාන ජනරැළිය ලබන බ‍්‍රහස්පතින්දා (10) කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.