ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා භාරදීම මේ වන විට සිදු කර තිබෙනවා.
මේ අතර මීට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසන් සභාවට සිය නාම යෝජනා පත්‍රය භාරදීම සිදු කළා.
-------------------------
සජිත් නාමයෝජනා භාර දෙයි (UPDATE)
(07-10-2019 09:58)
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසන් සභාවට සිය නාම යෝජනා පත්‍රය මේ වන විට භාරදී තිබෙනවා.
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස පියසිරි විජයනායක සිය නාමයෝජනා භාරදුන්නා.
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රජිව් විජේසිංහ සිය නාමයෝජනා භාරදෙනු ලැබුවා.
මැතිවරණ කොමිසන් සභාව සඳහන් කලේ මේ දක්වා අපේක්ෂකයින් 38 දෙනෙක් නාම යෝජනා භාරදීම සඳහා පැමිණ ඇති බවයි.
---------------------------
නාමයෝජනා භාර දීම සඳහා ගෝඨාභය සහ චමල් පැමිණේ (UPDATE)
(07-10-2019 09:43)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සිය නාමයෝජනා භාර දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සහ ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කල චමල් රාජපක්ෂ මැතිවරණ කොමිසන් සභාවට පැමිණියා.
ජාතික පෙරටුගාමි පෙරමුණ වෙනුවෙන් දුමින්ද නාගමුව සිය නාමයෝජනා භාර දුන්නා.
-----------------------------
නාමයෝජනා භාර දීම ඇරඹේ
(07-10-2019 09:20)
මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මේ වන විට මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී තිබෙනවා.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කලේ ඇප මුදල් තැන්පත් කරනු ලැබූ අනු පිළිවෙල අනුව නාම යෝජනා භාර ගන්නා බවයි.
නාම යෝජනා භාර ගැනීම සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, එම සභාවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර සහ මහාචාර්ය රත්නජිව හුල් එක්ව සිටිනවා.
කම්කරු පක්ෂය වෙනුවෙන් ඒ.එස්.පි. ලියනගේ, සිරිතුංග ජයසුරිය සහ ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරත්න හිමියන්, අජන්තා විජේසේකර මහත්මිය, ජයන්ත කැටගොඩ ස්වාධින අපේක්ෂකයෙක් ලෙසද, එම්.කේ. සිවාජිලිංගම් මේ වන විට සිය නාමයෝජනා භාරදී තිබෙනවා.
මේ වන විට නාම යෝජනා භාරදිම සදහා ජාතික ජනබල වේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක එක්ව සිටිනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබු අපේක්ෂකයින් 20 දෙනෙක් පමණ එක්ව තිබෙනවා.