Thursday, February 13, 2025

General line - 0115112241

තිදෙනෙක් නාමයෝජනා නොදෙන බව දන්වයි - සිව්දෙනෙක් තාමත් ඇවිත් නෑ

දිනුක් හේවාවිතාරණ




ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබු අපේක්ෂකයින් 41 දෙනාගෙන් 08 දෙනෙක් නාමයෝජනා භාරනොදුන් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.

ඉන් අපේක්ෂකයින් තිදෙනෙක් නාම යෝජනා භාර නොදෙන බවට දැනුම් දි ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. 

මේ දක්වා ඇප තැන්පත් කරනු ලැබු අපේක්ෂකයින් සිව්දෙනෙක් නාමයෝජනා භාරදීමට පැමිණ නැති බවත් මේ දක්වා ඇප තැන්පත් කළ එක් අපේක්ෂකයෙක් පැමිණ ඇති බවත් ඔහු මේ දක්වා නාමයෝජනා භාර නොදුන් බවයි ප්‍රකාශ කෙරුණේ.

භාරදුන් නාමයෝජනා වෙනුවෙන් මේ දක්වා විරෝධතා දෙකක් ගොනු කර තිබෙනවා.