Thursday, February 13, 2025

General line - 0115112241

කාලය අවසන් - 41න් 35ක් පමණක් නාමයෝජනා භාරදෙයි

දිනුක් හේවාවිතාරණ/ඉෂාර සුපෙම් මානගේ




ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35ක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

නාමයෝජනා භාරදීමේ කාලවේලා මේ වන විට අවසන්ව තිබෙනවා.

මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ  මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී තිබුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර සිටි සංඛ්‍යාව 41ක් වුණා.

කුමාර වෙල්ගම මෙවර ජනාධිපතිවරණයේදී තරග නොකරන බවයි ඔහුගේ නීතිඥ රාජිත කොඩිතුවක්කු මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර ඇත්තේ. 

චමල් රාජපක්ෂ ද නාමයෝජනා භාර දී නොමැති බවයි වාර්තා වුණේ.