ඌව පළාතේ 6 වැනි පළාත් සභාවේ නිල කාලය හෙට (08) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වනවා.
ඉකුත් වසර 5 ක පළාත් සභා කාලය තුළ ආණ්ඩුකාරවරු 5 දෙනෙක් හා ප්‍රධාන අමාත්‍යවරු තිදෙනෙක් යටතේ මෙම පළාත් සභාව ක්‍රියාත්මක වුණා.
දිවයිනේ අනෙක් පළාත් සභා සියල්ල මීට පෙර විසුරුවා හරින ලද නමුත් ඌව පළාත් සභාව පමණක් මේ දක්වා ක්‍රියාත්මක වුණා.
ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව මන්ත්‍රී ධූර 34 න් ප්‍රසාද මන්ත්‍රී ධූර 2ක් සමග මන්ත්‍රී ධූර 19 ක් සන්ධානයට හිමියි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක්ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධූර 2ක් ද හිමියි.
ශෂින්ද්‍ර රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් පසු 06 වන ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වූයේ චාමර සම්පත් දසනායකයි.