Thursday, February 13, 2025

General line - 0115112241

නීති කඩන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපේක්ෂකයින්ට පැහැදිළි කරයි

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න/ලහිරු කපුගේ




නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ නීතිය සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සහ පොලීසිය අවධාරණය කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ අදාළ නීති සම්බන්ධයෙන් දැනටමත් සියලූ පක්ෂ දැනුවත් කර ඇති බවයි. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ නීතිවිරෝධි කි‍්‍රයාවල නිතරවන පුද්ගලයින් වීඩියෝගත කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවයි. 

පොලිස් මූලස්ථානය පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සෑම පොලිස් කොට්ඨාසයකම මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි. පොලිස් කොට්ඨාස මෙහෙයුම් මැදිරි හරහා ලබාගන්නා එම තොරතුරු පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය සිදු කිරීමට නියමිතයි.