Thursday, February 13, 2025

General line - 0115112241

සෙත්සිරිපායේ 12 වන මහලෙන් ඇද වැටී සේවකයෙක් මරුට




කොළඹ, බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගයා එම ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට 3වන මහලේ ඇති එළිමහන් පිටයට ඇද වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 වන මාදිවෙල, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිය සේවකයෙක්.

අද උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි