Thursday, February 13, 2025

General line - 0115112241

සුඛෝපභෝගී රථයකින් කෝටි 50ක හෙරොයින් හමු වේ

දිනුක් හේවාවිතාරණ




හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. 

පොලිසිය සඳහන් කලේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණ අතුරුගිරිය පිවිසුමේදී කොළඹ දෙසට ඇතුල්වීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොහොර උර දෙකක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇති අතර සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 50ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.