ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ගේ හමුවක් අද (07) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය තීරණය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම කල් යාම සම්බන්ධයෙන් එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.