පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළ මීට නොබෝ වේලාවකට පෙර එක් පන්දුවා 8ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 67 රැස්කර ගෙන සිටිනවා.
ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.
මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64 ක ජයක් වාර්තා කළා.