Thursday, February 13, 2025

General line - 0115112241

හිටපු අමාත්‍ය බැටී වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි




ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නායක, හිටපු අධිකරණ සහ විද්‍යා තාක්ෂණ අමාත්‍ය, අධිනීතීඥ බැටී වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඒ මහතා පසු වුණේ 87 වන විය.

ඒ මහතාගේ දේහය බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ අංක 121 නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.