Thursday, February 13, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ ජන්ද පත්‍රිකාවේ දිග අඩි 2ත් පනි

දිනුක් හේවාවිතාරණ




නොවැම්බර් 16 වෙනිදා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සදහා සකස් කරනු ලබන ජන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවි තිබෙනවා. 

ඒ ඉතිහාසයේ පලමු වරට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව (35ක්) මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්විම හේතුවෙන්ය.

මෙවර ජනාධිපතිවරණය සදහා වන ජන්ද පත්‍රිකාව අගල් 27ක් හෝ 28ක් (ආසන්න වශයෙන් අඩි 2.3) දිගින් යුක්තවනු ඇති බවයි මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක ප්‍රකාශ කලේ.

එමෙන්ම 2015 වර්ෂයේ ජන්ද පත්‍රිකාවට සාපේක්ෂව මෙවර ජන්ද පත්‍රිකාව දෙගුණයක දිගින් යුක්ත වනු ඇතී.

අද දිනයේදී නාම යෝජනා භාරදිමෙන් පසුව හෙට දිනය වන විට ජන්ද පත්‍රිකාව සැකසීම සිදු කිරිම ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කලේ.

එමෙන්ම මැතිවරණ කොමිසන් සභාව විසින් ජන්ද අකෘති පත්‍රිකාව සකස් කිරිමේන් අනතුරුව හැකි ඉක්මනින් එය මුද්‍රණය කිරිම සදහා භාරදිමට නියමිත බවයි එහි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කලේ.