අරුවක්කාලු කසළ අංගනය තුළ ඊයේ (07) රාත්‍රි 8.30ට පමණ පිපිරීමක් සිදුව ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.
මෙලෙස අරුවක්කාලු කසළ අංගනය තුළින් විශාල පිපිරීමක් සම්බන්ධයෙන් හඬ ඇසුනු බවට සේරක්කුලිය ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබුණා.
අදාළ පිපිරීමෙන් තුවාල ලැබූ කිසිවෙක් ගැන වාර්තා නොවන අතර පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
අරුවක්කාලු කසළ අංගනයට පිට ප්‍රදේශවලින් කසල ගෙනවිත් දැමීම සම්බන්ධයෙන් අවට ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ල කරන අතර ඒ සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය මැදිහත් වී පුත්තලම අධිකරණයේ නඩුවක්ද පවතිනවා.
අදාළ නඩුවද අද (08) දිනයේ කැඳවීමට නියමිතයි.