Thursday, February 13, 2025

General line - 0115112241

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

කසුන් කැලුම්




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 11 වැනිදායි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා සභිකයින් තෝරා ගැනීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී සිදු කෙරෙනවා.

ඡන්දය ප‍්‍රකාශය කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 ක්. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනෙනවා.

ඒ අනුව කොට්ඨාස ක‍්‍රමය යටතේ සභිකයින් 11 දෙනෙකු සහ සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ සභිකයින් 17 දෙනෙකු ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා තෝරා පත් කර ගැනෙනු ඇති.