ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමේදී සහ ඉන් පසුව සියලුම අපේක්‍ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශස්ත බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ එම හැසිරීම දිගටම පවත්වා ගෙන යනු ඇතැයි මැතිවරණ කොමිසම අපේක්‍ෂා කරන බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් අපේක්‍ෂකත්වය පවා අහිමි විය හැකි බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.