ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අද පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා එහි සියලූ මන්තී‍්‍රවරුන් එක්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ඔවුන් සියලූදෙනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඉකුත් දින කිහිපයේම පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වුණා. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡා අවසන්වීමෙන් පසුවයි.
ජනාධිපතිවරණයට සන්ධානගතවීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන බාධාව ලෙස ඉදිරිපත් කළේ පොහොට්ටුව ලාංඡනයයි. මේ අතරතුර ඊයේ (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පළකළේ මෙවන් අදහසක්.
"ලාංඡනය ගැන ප්‍රශ්නයක් තියෙනවා.. නමුත් ලාංඡනය දැන් ඒගොල්ලෝ භාර දීලා නේ තියෙන්නේ..අපි සහයෝගය දෙන්නේ පොහොට්ටුවට නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාටයි."
කෙසේවෙතත් ඊයේ රාති‍්‍රයේ නෙත් නිවුස් කළ විමසීමකදී පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට සහය ලබානොදෙන බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානගත වුවහොත් පක්ෂ දෙක අතර ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි.
ඇතැම් වාර්තා පළවී තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයදී මහමැතිවරණයේදී පොදු ලකුණකින් තරග වැදීමට තීරණය කර ඇති බවයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීමේ බලය එහි සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පැවරීමට ඉකුත් දා පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා. කෙසේවෙතත් ඉකුත් ඉරිදා ඒ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් සිදුකිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවද අවලංගු කිරීමටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ.