Thursday, February 13, 2025

General line - 0115112241

ජනපති ආශිර්වාදයත් සමග ශ්‍රීලනිපයේ අවසන් තීරණය දැනුම් දෙයි

ඉෂාර සුපෙම් මානගේ




ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය අද (09) ප‍්‍රකාශයට පත් කළා.

ඒ මේ වන විට එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවදීයි.

එහිදී සඳහන් කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බවයි.

නිමල් සිරිපාලද සිල්වා මේ බව අනාවරණය කළා.

මෙහිදී කොන්දේසි කිහිපයක් යටතේ අදාළ සහයෝගය ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණෙන් තරග කරන්නට කටයුතු කරන බවත් සඳහන් කළා. ඒ සඳහා නමක් ද යෝජනා කර ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත් පෙන්වා දුන්නා. අදාළ සන්ධානය තුළ බලය බෙදා ගන්නේ කෙසේය යන්න කෙරෙහිත් එකඟතාවලට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.