ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙනවා. පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි.
ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්.
මේ වනවිට ඡන්ද විමසීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබද සොයා බැලූවා නෙත් නිවුස් වාර්තාකරු ඩි ජේ විජේසිංහ.
මෙම ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සදහා සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැණෙනවා. ඡන්ද විමසීම පැවැත්වෙන ඇල්පිටිය සහ පිටිගල බල ප‍්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.