හෙරොයින් ග්‍රෑම් 43 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (11) මරණ දණ්ඩණය නියම කරනු ලැබුවා.
මෙසේ මරණ දඬුවම් නියම වුණේ කොළඹ මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුසාහීර් ගඩාෆි නමැති විත්තිකරුවකුටය. තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කළා.
2016 වසරේ මාලිගාකන්ද ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ නිළධාරීන් විසින් අත්අඩංගුට ගනු ලැබුවා. මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබුවා.