Thursday, May 2, 2024

General line - 0115112241

සෞදි මුහුදේදී ඉරාන ඉන්ධන නැවකට මිසයිල ප්‍රහාරයක් 




ඉරාන ඉන්ධන සමාගමට අයත් නෞකාවක් සෞදි අරාබි මුහුදු කලාපයේදී මිසයිල ප්‍රහාරයකට ගොදුරුවී තිබෙනවා. එල්ලවූ ප්‍රහාරයෙන් එම ඉන්ධන නෞකාවේ විශාල පිපිරීමක් සිදුව ඇති අතර ඉන් ඉන්ධන ටැංකි දෙකකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ ජෙඩා වරායට සැතපුම් 60 ක් දුරින් පිහිටි ප්‍රදේශයේදී මෙම ඉරාන ඉන්ධන නෞකාවට මිසයිල ප්‍රහාර දෙක එල්ලවී ඇති අතර එය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි සැකපළ කරන්නේ. ප්‍රහාරයෙන් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නැහැ.

නෞකාවේ හානිවූ ඉන්ධන පිරවූ ටැංකි දෙකින් බොර තෙල් විශාල වශයෙන් මුහුදට කාන්දුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සෞදි අරාබිය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මිට මාස කිහිපයකට ඉහතදී ඕමානයේ මුහුදු කලාපයේදී එල්ලවූ මුහුදු ප්‍රහාරයකින් ඉන්ධන රැගත් නෞකා 04 කට හානි සිදුවුවා. 

එමෙන්ම පසුගිය සතියේදී සෞදි අරාබියේ ආර්ම්කෝ පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ලවූ අතර ඊට අමෙරිකාව සෘජුව ඉරානයට චෝදනා එල්ල කරනු ලැබුවා.