Thursday, May 2, 2024

General line - 0115112241

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60 ක් දක්වා ඉහළට

දීපාල් ද සිල්වා / ලලිත් චාමින්ද




ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ, ඡන්දය භාවිත කිරීම මේ වනවිට සියයට 60 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවයි ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු ලලිත් චාමින්ද පැවසුවේ.

පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි. ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්. 


 

.................................................................

ඇල්පිටියේ ඡන්දය භාවිත කිරීම සියයට 35 ඉක්මවයි

(11-10-2019 13:21)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ, ඡන්දය භාවිත කිරීම මේ වනවිට සියයට 35ක මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වෙන බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පැවසුවේ.

ජන්දය භාවිතා කිරිමට ජන්ද දායකයින් තුල මහත් උනන්දුවක් ඇති බවට පෙනෙන්නට තිබෙන බවයි මෙහිදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි. ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සදහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්. මේ දක්වා ඡන්දයට බලපෑම් සිදුවිය හැකි කිසිදු බරපතල සිද්ධියක් වාර්තා නොවන බවයි ප්‍රකාශ කෙරුණේ.