බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර කෙටි කාලීන තද සුලං ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එලිමහනේ හෝ ගස් යට නොසිට, ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කර තිබෙනවා.