රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කරනු ලැබුවා.
අනුරාධපුරයේ ඉදි කරනු ලැබූ සද හිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රාජසන්තක කිරීමට ලබාදී තිබු රත්තරන් කිලෝග්‍රෑම් 8 ක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා මෙම රේගුවේ හිටපු අධ්‍යක්ෂකවරුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම හිටපු රේගු අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර සිටියේ.