Thursday, February 13, 2025

General line - 0115112241

ඇල්පිටිය ජන්ද විමසීම අවසන් : ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 75%

ලලිත් චාමින්ද - ගාල්ල




ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ ප්‍රකාශ කර සිටිනවා. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසිම අද (11) පස්වරු 4.00ට අවසන් වුනා. මැතිවරණය ඉතා සාමකාමිව කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නිති උල්ලංඝනය කිරිමකින් තොරව අවසන් වු බවදදිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සදහන් කළේ.

තව සුළු මෙහොතකින් ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද මධ්‍යස්ථාන වලදි ජන්ද ගණනය කිරිම ආරම්භකොට මධ්‍යස්ථානවල ප්‍රතිපල හා කොට්ඨාශවල ප්‍රතිපලය එම ස්ථානවලදිම ප්‍රකාශ කරණ බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ සදහන් කළේ. සමස්ථ ඡන්ද ප්‍රතිපලය රාත්‍රී 10.00 පමණවනවිට නිකුත් කිරිමට  බලාපොරොත්තුවන බවද හෙතෙම පවසයි.

ඇල්පිටිය  ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දවිමසිම ඡන්ද මධ්‍යස්ථාන 47ක දි පැවති අතර ජනතාව දැඩි උනන්දුවෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. ඇල්පිටිය  ප්‍රාදේශීය සභාව සදහා කොට්ඨාශ මට්ටමින් නියෝජිතයින් 17 දෙනෙකු හා දෙවැනි ලැසිස්තුවෙන් නියෝජිතයින් 11 දෙනෙකු සමග 28 දෙනෙකු තොරාපත්කර ගැනිමට නියමිතව තිබේ.

අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන  තිබ්බොටුවාව යන ඡන්ද කොට්ඨාශ 17කින් ඇල්පිටිය  ප්‍රාදේශීය සභාව සමන්විත වේ.

නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ඡන්ද විමසීම සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.

ඡන්ද විමසීම සිදුවූ කාලසීමාව තුළ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් කිසිවක් වාර්තා නොවූ බවයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසන්නේ. මේ, ඒ පිළිබද කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.