Thursday, February 13, 2025

General line - 0115112241

පක්ෂ දෙක එක්වීමෙන් ගෝඨාභයගේ ජය ස්ථිර වුනා : මන්ත්‍රි ලක්ෂ්මන් යාපා කියයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ස්ථිර වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. 

අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන් තමන් බලයට පත්වූ පසු නිදහස් කරන බවට ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිවාදීන්ගෙන් එල්ලවන විවේචන වලට ද මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු ලබාදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.