ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්ද විමසීමට අදාල මූලික අදියරේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන අවසන් වී තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථාන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරන පැවසුවේ.
මේ අතර ඡන්ද ගණන් කිරීම් අවසන් කෙරුණු මධ්‍යස්ථාන 24ක ඡන්ද පෙට්ටි මීට නොබෝ වේලාවකට පෙර ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.