ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් දිනාගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති මුළු ජන්ද සංඛ්‍යාව 10,113ක් වන අතර ලබාගෙන ඇති මන්ත්‍රි ආසන සංඛ්‍යාව 7ක්.
ඊට අමතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද 5,273ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 3ක් ද ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 2,435ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 2ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඡන්ද කොට්ඨාශ 17 ම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම විශේෂත්වයක්.
මෙවර ඇල්පිටිය ප්‍රදේශයේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 53,384ක් වන අතර ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව 42,100ක් විය. ඉන් ජන්ද 597ක් ප්‍රතික්ෂේපිත ජන්ද බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා සඳහන් කර සිටියේ.
අද දිනයේදී එක් එක් දේශපාලන පක්ෂ විසින් ලබා ගනු ලැබූ ජන්ද සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජන්ද ප්‍රතිශතය සියයට 56.31ක් වනවා. එක්සත් ජාතික පක්ෂය ලැබූ ජන්ද ප්‍රතිශතය සියයට 24.37ක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජන්ද ප්‍රතිශතය සියයට 12.7 ක් වේ.
ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ජන්ද ප්‍රතිශතය සියයට 5.86ක් වනවා.
....................................................................
ඇල්පිටිය මැතිවරණයේදී පොහොට්ටුව ඉදිරියෙන්
අද (11) පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියර එළැඹ තිබෙනවා. මේ දක්වා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබී තිබෙන වාර්තා අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.
අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන තිබ්බොටුවාව යන ඡන්ද කොට්ඨාශ 17 කින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සමන්විත වෙනවා.
ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වූ අතර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා කියා සිටියේ අද දිනයේදී සියයට 75 ක ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වූ බවයි.