Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ දේවමෙහෙයකදී පූජකවරයාට වෙඩි තැබීමක්




අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දේවස්ථානයේ පූජකවරයෙක්. 

දේවස්ථානයේ පැවැත්වූ ඉරුදින උදෑසන දේවමෙහෙය අතරතුරදී එම ස්ථානයේ සිටි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. අදාළ දේවමෙහෙය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

සැකකරු විසින් පූජකවරයාට වෙඩි තැබීමත් සමග සභාව තුළ සිටි පුද්ගලයෙකු විසින් සැකකරුට වෙඩි තබා තිබෙනවා. එහිදී තුවක්කුකරුද ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. වෙඩි තැබීමට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.