Saturday, April 27, 2024

General line - 0115112241

තෙවන ලෝක යුද්ධයට අර අදින ට්‍රම්ප්ට අමෙරිකානු විපක්ෂයෙන් චෝදනා




ඉරානයද ඉලක්ක වන පරිදි ඉරාකයට එල්ල කරන ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාවේ ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂය ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට චෝදනා කරනවා. 

එරට හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ජනාධිපති ට‍්‍රම්ප්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් අමෙරිකාව, මැදපෙරදිග කලාපය තුළ උද්ගතවෙමින් ඇති ගැටුමක් අභිමුව සිටින බවයි. 

මේ අතර ඉරාන හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉලක්ක කර ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට පෙර ජනාධිපති ට‍්‍රම්ප්, එරට කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන නොමැති බවටයි ඩිමොක‍්‍රටික් පක්ෂය නියෝජනය කරන නීති සම්පාදකයින් චෝදනා නගන්නේ. 

එසේම ජනාධිපතිවරයා මෙවැනි ප‍්‍රහාරවල ප‍්‍රතිවිපාක පිළිබඳ නොසලකා හැර කටයුතු කර ඇති බවට ද විපක්ෂ කි‍්‍රයාකාරීන් දිගින් දිගටම චෝදනා නගනවා. 

බැග්ඩෑඞ් අගනුවරට ඊයේ එල්ල කෙරුණු අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් ඉරාන හමුදා ප‍්‍රධානී මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඝාතනයට ලක්වීමත් සමග මැදපෙරදිග කලාපය තුළ මේවනවිට පවතින්නේ දැඩි නොසන්සුන්කාරී තත්්ත්වයක්. ප‍්‍රහාරයට වන්දි ගෙවීමට සූදානම් වන ලෙස ඉරානය ද අමෙරිකාවට තර්ජන එල්ල කර තිබෙනවා.