Wednesday, May 8, 2024

General line - 0115112241

දේශපාලනයේ ජනප්‍රිය තීන්දු වෙනුවට නිවරැදි තීන්දු ගත යුතුයි



පවතින දේශපාලන සංස්කෘතියේ බරපතල පරිවර්ථනයක් කඩිනමින් සිදුවිය යුතුව ඇතැයි අවධාරණය කෙරෙනවා. ඒ අනුව ජනපි‍්‍රය තීන්දුවලට සීමා නොවී නිවැරදි තීන්දු ගැනීමට දේශපාලඥයින් හුරු විය යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

ඊයේ (10) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කනපිට වැඩසටහනේදී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණා. 

මෙහිදී අදහස් දැක්වූ මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේ දිළිදුකම නැති කිරීම සඳහා මෙතෙක් ගනු ලැබූ බොහෝ තීරණද ජනපි‍්‍රය එවා බවයි. එහෙත් දිළිදුකම සැබෑ ලෙස නැති කිරීමට නම් ඊට වඩා වෙනස් මාර්ග හදුනාගත යුතු බවද ඔහු පෙන්වා දුන්නා. 

එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල ප‍්‍රධාන ආසන සංවිධායක නිතිඥ ලිලාන් අමරකෝන්ද මෙම වැඩසටහනට සහභාගී වූණා. අපේක්ෂිත වෙනස සඳහා ජනතාවද සූදානම් කර විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.