Friday, January 17, 2025

General line - 0115112241

උතුරු කොරියාව ජපන් සීමාවට මිසයිලයක් යවයි




උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ එම මිසයිලය පතිත වී ඇත්තේ ජපාන මුහුදු සීමාවට වීමයි. මෙම මිසයිලයට කිලෝමීටර් දහසක දුරක් ගමන් කර ඇති බවටයි පැවසෙන්නේ.

දකුණු කොරියාව සහ ජපානය විසින් සිදු කළ මෙම අනාවරණය විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.
මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් උතුරු කොරියාවට දිගින් දිගටම චෝදනා එල්ල වනවා.