Tuesday, May 7, 2024

General line - 0115112241

අනවශ්‍ය කලබලයෙන් තවත් ගැටලු රැසක් මතුවිය හැකියි



කිසියම් ගැටළුවකදී හෝ හදිසි අවස්ථාවකදි අනවශ්‍ය ලෙස කලබලයට පත්වීමෙන් ගැටළු රැසක් මතුවිය හැකි බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඊයේ (12) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙරට සිදුකරන නිරෝධායන කි‍්‍රයාවලියට ඇතැම් පිරිස් බාධා කළ සිද්ධීන්ද උදාහරණයට ගනිමින්.

අනවශ්‍ය ලෙස මනස කළබල කර ගැනීමෙන් පවතින ගැටළු තවත් උග‍්‍ර විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.