Friday, January 17, 2025

General line - 0115112241

තෙල් මිළ වැඩි කරන්න ‘අයි. ඕ.සී. සෙඩ්වලට ලැබුණු’ පණිවිඩය මෙන්න



ඉන්ධන වර්ග කිහිපයක මිළ වැඩි කරන්නැයි ලංකා අයි. ඕ.සී. සමාගමට අයත් පිරවුම්හල්වලට දැනුම්දීමක් ලැබී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

 

පිරවුම්හල් කිහිපයක පාලනාධිකාරියෙන් කළ විමසීම්වලදී ද ප‍්‍රකාශ කෙරුණේ එවැනි දැනුම්දීමක් ලැබී ඇති බවයි.

 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ද විමසීමක් කළා.

 

කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි එහි සභාපති ජී.ටී. ජයසිංහ මහතා පැවසුවේ.