Wednesday, February 5, 2025

General line - 0115112241

රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග ගැන රනිල් විදෙස් මාධ්‍ය හමුවේ කතා කරයි




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ විදෙස් මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව නව කොරෝනා වෛරසයට එරෙහිව ගනු ලබන කි‍්‍රයාමාර්ගවලදී මෙරට සෞඛ්‍ය සේවාව, ති‍්‍රවිධ හමුදාව මෙන්ම පොලීසිය ද වැදගත් කාර්යය භාර්යයක් ඉටුකරමින් සිටින බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ. එසේම සියලූ කටයුතුවලදී මහජනතාව ද සහයෝගයයෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කළා.  

ගෝලිය වශයෙන් පැතිර යන වංසගත තත්ත්වය යුද්ධයකට වඩා අභියෝගයක් බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව ගෝලීය වශයෙන් සියලූ දෙනා ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණදෙමින් සිටින බවත්, ඊට මුහුණදීම සඳහා පවතින අභියෝග ජයගැනීමට ශක්තිමත් ගෝලීය නායකත්වයක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.