Saturday, April 20, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ ගුරා මුල්ලේරියාවේ නිවසක බංකරයකින් අල්ලයි




මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් “චීටි” නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිය නිවෙස තුළ භූ ගත බංකරයක් තුළ සැගව සිටියදීයි.

ඉන්දියාවේදී මියගිය බවට පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “අංගොඩ ලොක්කා” නමැත්තා අපරාධ සිද්ධිවලට සම්බන්ධ කරගෙන ඇත්තේ මෙම සැකකරු විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.