Saturday, September 21, 2024

General line - 0115112241

මැතිව් තෙවන ස්ථානය ලබයි




රියෝ ඔලිම්පික් 2016 ක‍්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක් තබා සිටි ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහට අද (09) මූලික වටයේ තරගයකින් සාර්ථක වීමට අවස්ථාව හිමි වුණා.

මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව වෙනුවෙන් ඔහු තරග වැදුනා.

මැතිව් එම ඉසව්වේ 3 ස්ථානය දිනාගත්තේ තප්පර 50.96 දක්ෂතාවක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා වූයේ නැහැ.ඊට හේතුව වූයේ මෙම ඉසව්වේ ශ්‍රේනි ගතකිරීම්හි ඔහුට 50 ස්ථානය හිමවී තිබීමයි

මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයින් 59 දෙනෙකු තරඟ වැදුණා.

මැතිව් අබේසිංහ මීට පෙර 50.53 දක්ෂතාවක් වාර්තා කර තිබුණා.එය ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.

එම දක්ෂතාවයටවත් ළඟා වීමට මෙවර ඔහුට හැකිවූයේ නැහැ.

646546 13886360_10210317271874500_5278637103369600191_n

13957036_10210317637203633_652090180_n