Sunday, September 22, 2024

General line - 0115112241

හන්තාන සිසුවියන් අපයෝජනය කළ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට




 

මහනුවර, හන්තාන ප‍්‍රදේශයේදී අධ්‍යාපන ආයතනයක සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු වන නිමල් පීරිස් නමැත්තා අද අලූයම මහනුවර පොලිස් ස්ථානය වෙත භාරවී තිබෙනවා.

ඒ අනුව මහනුවර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ නමැත්තා මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.